වියට්නාමයට බලපා ඇති සන් ටින්ග් සුළිකුණාටුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 17ක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්. වියට්නාමයේ උතුරු මුහුදුබඩ ප්‍රදේශයට සුළි කුණාටුවේ වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හනෝයි අගනුවර ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තාවන්නේ. නිවාස පන්දහසකට පමණ හානි සිදුව ඇති අතර හෙක්ටාර අසූ දෙදහසක භෝග වගාවන්ට හානි සිදුව තිබෙනවා. ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සතුන් දාහත් දාහක් පමණ මියගොස් ඇති බව සදහන්.