ඉන්දියාවේ චෙන්නායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කන්දන් චාවඩි ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවතුනු ගොඩනැගිල්ලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ. ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අසල තිබූ තවත් ගොඩනැගිලි හතරකට සහ රථවාහන දෙකකට ද අලාභ හානි සිදුවුණා. තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.