පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකාව සෑම ක්ෂේත්රයකින්ම ඉදිරියට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා පවසනවා. මෙරට ප්‍රථම සූරිය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියාසිටියා.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළයි මෙම නිෂ්පාදනාගාරය ආරම්භ කෙරුණේ. ජපානයේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි. කර්මාන්ත ශාලාව තුළින් රැකියා අවස්ථා 250 කට අධික සංඛ්‍යාවක් උත්පාදනය වනවා. එමෙන්ම මෙහි නිෂ්පාදන අපනයනය කිරීමට ද නියමිතයි. සකුරා සෝලා නමැති මෙම සූරිය පැනල සඳහා වසර 35 ක වගකීමක් ද හිමිවනවා. ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක් ව්‍යාපෘතියට ආයෝජනය කර තිබෙනවා.
(ජපානය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන පළමු සෝලා ව්‍යාපෘතියයි මේ. මේක ආරම්භයක් විතරයි. ඉදිරියේදී අභියෝගවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අපි සහාය දෙනවා. ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය දීර්ඝකාලීන එකක්. වත්මන් රජය යටතේ දෙරට අතර ආර්ථික වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මකයි. අපි ශ්‍රී ලංකාවේ වත්මන් රජයට ස්තූති වන්ත වෙනවා මේ ලබා දීපු අවස්ථාව ගැන. ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් ආයෝජන කිරීමට අපි බලාපොරොත්තුවනවා.)
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා,
[ot-video type=”youtube” url=”https://youtu.be/2qeNirdcxiE”]
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූවා.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,
[ot-video type=”youtube” url=”https://youtu.be/ZIaNhl1dgmU”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/sakura.jpg”]