උතුරු වෙරළ තීරයේ පොල් පැළ සිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් යුද හමුදාවේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ව්‍යාපෘතිය යටතේ වලිකාමම් වෙරළ තීරයේ පොල් පැළ සිටුවීම මේ වන විට ක්‍රියාත්මකයි. යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ආරම්භ කර ඇත්තේ.
මූලික අදියර යටතේ මයිලඩි වෙරළ තීරයේ පොල් පැළ 200 ක් සිටුවීම සිදුවුණා. යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් මුරලිදරන් මහතා මෙන්ම යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.