Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 20:43

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක. දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතී.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2018-07-21
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 33 25 85 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 37 26 65 45 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 29 26 85 70 වැසි ස්වල්පයක්
ගාල්ල 28 25 90 75 වැසි ස්වල්පයක්
යාපනය 33 28 80 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 26 22 85 75 වැසි ස්වල්පයක්
නුවරඑළිය 17 12 95 70 වැසි ස්වල්පයක්
රත්නපුරය 29 24 85 70 වැසි ස්වල්පයක්
ත්‍රිකුණාමලය 35 26 75 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 31 27 85 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ITN News Editor
By ITN News Editor ජූලි 20, 2018 20:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්