වෘත්තීය විෂයන් උගන්වන ගුරුවරුන් බඳවා ගැනීමෙන් වසර 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යථාර්ථයක් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති ගුරුපත්වීම් ප්රදානය කිරීමේ උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
වෘත්තීය විෂයන් ඉගැන්වීමට සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගත් ගුරුවරුන් එක්දහස් එකසිය පනස් දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අධ්‍යාපන වැඩසටහන යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් ,අසමත් බව නොසලකා සිසුන්ට උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව උදාවනවා. රටේ මානව සම්පත අපතේ යාමට කිසිසේත් ඉඩ දිය යුතු නැති බවයි උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/emWYnoqnZd0″]
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හා රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fGxCC0zSm9E”]
තම ජීවිතයේ ඉතාමත් සුබවාදී වෙනසක් මෙමගින් සිදුවන බවයි පත්වීම්ලාභීන් කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/WqrHens7Mb4″],
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/ttt.jpg”]
මේ අතර 2018 කොළඹ හෝටල් ප්‍රදර්ශනය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. හෝටල් ක්ෂේත්රයට අදාළ උපකරණ ආදියෙන් යුත් ප්‍රදර්ශන කුටි මෙයට ඇතුළත්. මෙම උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ තරුණ තරුණයින්ට ඉතාමත් හොඳ අනාගතයක් උදා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(මෙම වසර අග වන විට අපිට සංචාරක ක්ෂේත්රය ඉතා වේගයෙන් දියුණු කරන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අඩුපාඩුත් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම තවත් දේවල් පිළිබඳ අප සැලකිලිමත් විය යුතුවනවා. අප නව නීති සකස් කළ යුතුව තිබෙනවා. ඒත් අපේ මූලිකම පරමාර්ථය තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වැඩිකර ගැනීම. මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව මෙම ගුවන්තොටුපොළ සඳහා හවුල් ව්‍යාපාරයකට පිවිසීමත් සමග අපට තවත් වෙළෙඳපොළක් විවෘත වනවා. එමගින් මත්තලට එන ගුවන් සමාගම් ප්‍රමාණය වැඩිවන්නේ ඉන්දියාව ගන්නා ක්‍රියා මාර්ග නිසා පමණක් නෙවෙයි අපි ගන්නා ක්‍රියාමාර්ග ඊට විශේෂයෙන් බලපානවා. මුම්බායි ,දිල්ලි , හයිද්‍රාබාද් , බැංගලෝර් , කෝචි සහ චෙන්නායි මූල්‍ය නගර. එම නගරවල සිටිනවා මුදල් වැඩි වශයෙන් වියදම් කළ හැකි මධ්‍යම පාංතිකයින්. අතීතයේ අපි හෝටල් ශ්‍රේණිගත කරලා ඒවාට සංචාරකයින් යොමු කළා. ඒත් දැන් සංචාරකයින් ශ්‍රේණිගත කළ යුත්තේ ඔවුන්ට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයත් සමගයි. අපට අවශ්‍ය වන්නේ මෙමගින් තවත් රැකියා පනස් දහසකට අධික ප්‍රමාණයක් ඇති කරන්න. අප ඉදිරියට යා යුතුයි. අපි ආරම්භ කළා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන. එය හෝටල් කර්මාන්තයටත් උපකාරි වනවා. අපි සුළු හෝටල් ව්‍යාපාරිකයින්ට උදව් කළ යුතුයි ඔවුන්ගේ හෝටල් සේවා හා සැපයුම් වර්ධනය කර ගන්න. අවසානයේදී එමගින් ශ්‍රී ලංකාවේ තරුණයින්ට තවත් රැකියා ලැබෙනවා. එයින් අපේ තරුණ තරුණයින්ට සුබවාදී අනාගතයක් උදාවනවා.)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/Y8sMGpb-bCU”]