විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ජාතික පැරා මලල ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී මේ වන විට පැවැත්වෙනවා. මෙවර තරගාවලියට ක්‍රීඩා සමාජ 35 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයසිය හැත්තෑ පස්දෙනෙකු එක්ව සිටිනවා. ඒ අතර ඔක්තෝබර් මස ඉන්දුනීසියාවේදී පැවැත්වීමට සැළසුම්කර ඇති ආසියා පැරා ක්‍රීඩා උළෙලට එක්වීමට නියමිත මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද වනවා. ඔවුන් ඉසව් 180 ක් යටතේ තරගබිමට පිවිසීමට නියමිතයි.
හෙට (21) දිනයේ නිමාවට පත්වන තරගාවලිය ආසියා පැරා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවසන් තේරීම් තරගාවලිය ද වනවා.