මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙක් පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී මත් කුඩු ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 560ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නෙ. පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය වැටලීම සිදුකළා. සැකකරුවන් පිට පළාත් වලින් හෙරොයින් ගෙනවිත් පුත්තලම සහ අවට ගම්මාන වලට බෙදාහැර තිබෙනවා. සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිතයි.