79 වන මැඩ්රාස් කොළඹ ඔරු පැදීමේ තරගාවලිය අනිද්දා (21) කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දහඅට දෙනෙකු එක්වනවා. පාසල් ක්‍රීඩිකාවන් පස්දෙනෙකු සමගින් ක්‍රීඩිකාවන් හත් දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටිනවා. ඉන්දියාවේ ක්‍රීඩකයින් දහතුන් දෙනෙකු හා ක්‍රීඩිකාවන් පස් දෙනෙකු තරග වදින බව කොළඹ ඔරු පදින්නන්ගේ සංගමයේ සභාපති දිනේෂ් වෙහෙරගොඩ පවසනවා. මෙවර තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අලුත් අත්දැකීමක් එක් කරනු ඇති බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ ඔරු පදින්නන්ගේ සංගමය ඊයේ(18) සදහන් කළේ.