පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තවම නම්කර නැති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධ ගැටලුව තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඔවුන්ට සහාය දක්වන සිවිල් සංවිධාන කිහිපයක් පෙන්වා දුන්නා. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ප්‍රකාශ කරන්නේ මිලිටරි නායකයෙකු රටට අවශ්‍ය නැති බවයි. එහෙත් විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිස දිගින් දිගටම පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙකු රටට අවශ්‍ය කරන බවයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට සියලු දෙනා එකඟ විය යුතු බවයි. මෙවැනි තත්ත්වයක් යටතේ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ කළ ප්‍රකාශය පවා ඉල්ලා අස්කර ගැනීමට සිදුවුණා.