බලය හා දූෂණය අතර සබැදියාව බිඳ හෙළීමට ඉකුත් වසර තුන තුළ ශ්‍රී ලංකාව වැදගත් පියවර රැසක් ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ජෝර්ජියාවේ ටිබිලිප් සම්මන්ත්රණ හා සමුළු ශාලාවේදී ආරම්භ කෙරුණු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමින්.
චමුදිත සමරවික්‍රම-ජනාධිපති මාධ්‍ය අංශය,
[ot-video type=”youtube” url=”https://youtu.be/D57kvXATqhM”]
ජෝර්ජියා අග්‍රාමාත්‍ය මමුකා බක්ත්තාද්සේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුව අද (18) පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඊට සාමාජික රටවල් 75 ක ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, කතානායකවරුන්, අමාත්‍යවරුන් ඇතුලු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිදභාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩි දියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත්‍රණයක්. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ එකඟතා එහි සාමාජික රටවල සුබසාධනය හා යහපත උදෙසා යොදා ගන්නේ කෙසේ ද යන්න තේමාව යටතේ සමාරම්භක සැසිය ආරම්භ කෙරුණා.
එම සමාරම්භක අවස්ථාවේ මූලික අදහස් දැක්වීමට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයට අදාළ මූලධර්ම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර පිළිබඳ පැහැදිලි කළා. තමන් ජනාධිපති ධුරයට පත් වන විට ලෝකයේ කිසිම රටක නොමැති අයුරින් අසීමිත බලයක් ශ්‍රී ලංකා විධායක ජනාධිපති ධුරය සතුව තිබූ බව එහිදී පෙන්වා දුන්නා. ජනාධිපතිතුමා පැවසුවේ තමන් එම ධුරයට පත්ව මාස හයක් ඉක්ම යාමට පෙර විධායක ජනාධිපති ධුරයේ අධික බලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට පවරා දී එය ශක්තිමත් කිරීමට පියවර ගත් බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/u1tBS9-0Nok”]
හෙටින් (19) අවසන් වන මෙම සමුළුවේදී දූෂණ විරෝධය, සිවිල් අවකාශය හා රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේදී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමූහිකව ගත යුතු ප්රයත්න පිළිබඳ පුළුල් අවධානයක් යොමුකරනු ඇති.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/37323947_10156281749646327_4575825408032768000_o.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/37377018_10156281749936327_5293250822396706816_o.jpg”]