දකුණු දිග චීනයේ හයිනාන් පළාතට සොන්ටින් සුළි කුණාටුව ඇතුළුවීමෙන් එම ප්රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම වසරේ චීනයට බලපෑ නව වන සුළි කුණාටුව මෙයයි. කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ වනින්ග් නගරයටයි.
දුම්රිය ගමනාගමනය සහ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නාවික කටයුතුද තාවකාලිකව නතර කිරීමට බලධාරීන් පියවර ගත්තා. විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.