අනූ හය වන ජාතික මළල ක්රීඩා ශූරතාවලියෙන් අනතුරුව ආසියා ක්රීඩා උළෙල සදහා විශේෂ පුහුණු සැසියක් පවත්වන බව ජාතික මළල ක්රීඩා සංගමය සදහන් කරනවා. ලබන මස තුන්වනදා සිට දින තුනක් කොළඹ සුගතදාස ක්රීඩාපිටියේදී ජාතික මළල ක්රීඩා ශූරතාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එහි ඉසව් 36 ක් වෙනුවෙන් ක්රීඩක ක්රීඩිකාවන් දෙදහසකට අධික පිරිසක් මේ වන විටත් ඉදිරිපත්වීම තහවුරු කර තිබෙනවා.
මෙම තරගාවලියෙන් අනතුරුව ලබන මස දහඅටවනදා සිට ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිත ආසියා ක්රීඩා උළෙල වෙනුවෙන් ජාතික මළල ක්රීඩා සංචිතය සදහා විශේෂ පුහුණු සැසියක් පැවැත්වීමටයි මළල ක්රීඩා සංගමය සැලසුම් කර තිබෙන්නේ. මේ වන විට ක්රීඩක ක්රීඩිකාවන් විසිතුන්දෙනෙකු ඒ සදහා සංචිතගත කර අවසන්.