ජාතික විගණන පනතට කථානායක කරු ජයසුරිය මහතා අත්සන් කළ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප්රකාශ කළා. එය පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ පසුගිය පස්වනදා. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්වුණා.
විගණනය අනිවාර්යෙන් ම සිදු කළ යුතු කරුණක්. විගණනය කිරීමේ බලය අතිශය වැදගත් වෙනවා. ජාතික විගණන කොමිෂන් සභාව දෙස බැලිය යුතුතේ ප්රජාතන්ත්රවාදය කියන පදනම මත සිටයි ”යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජූලි 05 දින විවාදය ආරම්භ කරමින් පැවසීය.