ආර්ථිකයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භය අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම හදුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම ඇතුළු අංශ රැසක සංවර්ධනය ඇති කිරිම ගම්පෙරළිය ජාතික වැඩසටහනේ ඉලක්කයයි. නිකවැරටිය, මඩත්තවැව ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කරමින් ගම්පෙරළිය කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. අක්කර අසූවක් පමණ වන මෙම වැව ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 4.67ක් වෙන් කර තිබෙනවා. වැව ප්‍රතිසංවර්ධනය කිරීමත් සමග කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් වගා කළ හැකියි. ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාව ද උදා වනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම ද සැළසුමයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=IfhltlpqwLU&feature=youtu.be”]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=7sDCMLHiZYc&feature=youtu.be”]
අනතුරුව ඉඩම් බලපත්‍ර සහ දීමනාපත් මෙන්ම කාන්තා සංවිධානවලට උපකරණ ලබාදීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබා දීම සඳහා නිකවැරටිය නගරයේ ලංකා බැංකු සහ මහජන බැංකු ශාකා ද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. ණය ඉල්ලුම්කරුවන්ට සංඛේතාත්මකව ණය ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා.
මේ අතර ගම්පෙරළිය වැඩසටහනට සමගාමීව තවත් ව්‍යාපෘතියක් වැල්ලවාය, රන්දෙණිය, මීදෙණිය ප්‍රදේශයේදී ආරම්භ කෙරුණේ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ යටතේ මීදෙණිය, මංකඩ පාලම ඉදි කිරීම ආරම්භ කෙරුණා. මුල්ගල් තැබීම වෙනුවට නුග ගසක් රෝපණය කරමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීම විශේෂත්වයක්. ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ 450ක් වැය කෙරෙනවා.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_zq1r-Zdndc”]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=l50ko27Mszg&feature=youtu.be”]