අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවට විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරනවා. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් ද ? මේ ඒ පිළිබඳ සොයා බැලීමකි.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් 2014 වසරේ දී අලෙවි වුණේ රුපියල් 2650කටයි. එහෙත් මෙම වසර වන විට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538ක් දක්වා පහත බැස තිබෙනවා. මේ අනුව පසුගිය රජය සමයට වඩා වර්තමානයේ මෙම ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන්නේ පාරිභෝගිකයින්ට රුපියල් 1112 ක වාසියක් ලබා දෙමින්. පසුගිය වසර තුන තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ද පහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වනවා. 2014 වසරේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් අලෙවි කළේ රුපියල් 386කටයි. මේ වන විට එහි අලෙවි මිල රුපියල් 340ක් වනවා. ඒ අනුව රුපියල් 46 ක වාසියක් අද වන විට පාරිභෝගිකයින්ට ලැබී තිබෙනවා. පරිප්පු කිලෝග්‍රෑම් 1ක් පසුගිය රජය සමයේ අලෙවි කළේ රුපියල් 220 ත් 240 ත් අතර මිලකටයි. එහෙත් එහි වර්තමාන මිල වන්නේ රුපියල් 130 යි. එයින් ද දළ වශයෙන් රුපියල් 90 ක වාසියක් සැලසී තිබෙනවා. සීනි කිලොග්රෑමයක් 2014 වසරේදී රුපියල් 116ක මිලකට අලෙවි කෙරුණා. එය මෙම වසර වන විට රුපියල් 96ත් 110ත් අතර අගයක පවතිනවා. මීට වසර හතරකට පෙර රුපියල් 125ක්ව පැවති ලොකුළූණු මිල මේ වන විට රුපියල් 90ත් 100ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබා ගත හැකියි. මේ අනුව 2014 වසරට සාපේක්ෂව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළ මට්ටමක පවතින බව ඉතා පැහැදිලි කරුණක්.
රජය මෙම සියලු සහන ජනතාවට ලබා දෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමින්. වත්මන් රජය රට භාරගත් පසු ස්වාභාවික ව්‍යසන රැසකටම මුහුණ දුන්නා. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම විපතට පත්වූවන්ට ද කිසිදු අඩුවකින් තොරව සහන සැලසුවා. එමෙන්ම කන්න තුනක් වගා කිරීමට නොහැකි වීමෙන් සහල් මිලේ ඉහළ යාමක් සිදුවුණා. ඊට ද සාර්ථකව මුහුණ දෙමින් සහල් ආනයනය කිරීමට රජය කටයුතු කළා. මෙතරම් අභියෝග රැසකට මුහුණ දෙමින් ජනතාවට සහන සැලසූ රජයක් නිදහස දිනාගත් පසු බිහිවී නැති බවයි බොහෝ ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.