විමල් කැටිපෙආරච්චි කියන්නේ ලංකාවේ කොයි කවුරුත් හොඳින් දන්න මාධ්‍යවේදියෙක්.
විවිධ පුවත්පත්වල සේවය කරලා විවිධ ලිපි සහ කෘතින් තුළින් ඔහු බොහෝ සහෘදයින් පිරිසක් ළං කරගෙන ඉන්න චරිතයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්.
මේ කියන්න යන ආරංචිය ඔහුගේ පළමු කවි පොත ගැනයි.
මේ මාසේ 24 වැනිදා හවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී “ අහස“ ප්රකාශනයක් ලෙස එළිදකින මේ කෘතිය “ හමුවෙන්න තවම හැකි කොම්රේඩ්“ නමින් නම්කර තිබෙනවා.
මේ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ ආරම්භක දේශන ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ විසින් සිදු කිරීමට නියමිතයි.