මරණ දඩුවම ක්‍රියාත්මකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කර තිබෙවා.මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිය හැක්කේ මරණ දඩුවම වැනි නිශ්ඵල දඩුවම් ක්‍රියාත්මක කිරීමෙන් නොව මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් බවයි එම කොමිෂන් සභාව ලිපියේ සදහන් කර ඇත්තේ.
වරදකරුවන් වී බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බාහිර ලෝකය සමග සම්බන්ධ වෙමින් තවදුරටත් ජාවාරම්වල යෙදෙන්නේ නම් බන්ධනාගාර තුළ ඇති ආරක්ෂක විධි විධාන තර කළ යුතුයි. මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමේ තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනය කිරීම සදහා අවශ්‍ය ප්‍රබල හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපතිතුමා වෙත යොමු කළ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.