ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල නිකවැරටිය කලුකැටිය බුලත් වැව ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම හදුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම ඇතුළු අංශ රැසක සංවර්ධනය ඇති කිරිම ගම්පෙරළිය ජාතික වැඩසටහනේ ඉලක්කයයි. ආර්ථික ස්වයං පෝෂිත කිරිම මෙන්ම ආර්ථිකයේ නව පරිච්ඡේදයක් ඇරඹීමද ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ප්රමුඛ අරමුණක්. රස්නායකපුර , කලුකැටිය බුලත් වැව ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කරමින් ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සමරුපලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා වැව ප්‍රතිසංවර්ධනය කිරිමේ කටයුතු සුභ මොහොතිනන් ආරම්භ කළා. මංගල සමරවීර , අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. අක්කර අසූවක් පමණ වන මෙම වැව ප්‍රතිසංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 3.5ක් වෙන් කර තිබෙනවා. ඒ තුළින් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් වගා කළ හැකි අතර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාවද මෙමගින් උදා වනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිම සැළසුමයි.
මේ අතර ගම්පෙරළිය වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන පළමු වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
වැල්ලවාය , රන්දෙණිය , මීදෙණිය ප්රදේශයේදීයි පළමු ගම්පෙරළිය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. ඒ යටතේ මීදෙණිය මංකඩ පාලම ඉදි කිරීම අද ආරම්භ කෙරුණා. මුල්ගල් තැබීම වෙනුවට නුග ගසක් රෝපණය කරමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීම විශේෂත්වයක්. කිරිදිඔය හරහා පාලමක් නොමැති වීමෙන් පීඩාවිදි විශාල ජනතාවකට ව්‍යාපෘතියෙන් සෙත සැලසෙනවා. පාලමේ ඉදිකිරීම් සදහා රුපියල් ලක්ෂ 450ක් වැය කෙරෙනු ඇති. මාස එකහමාරක කාලයක් තුළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නියමිතයි.