ඉන්ධන මිල ඉහළ යන බවට ආරංචි ලැබුණු සැණින් භාණ්ඩ මිල වැඩි කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් පෙළඹෙනවා. එහෙත් පාරිභෝගිකයාට ඇතිවන මෙම බලපෑම පාලනය කිරීම සඳහා දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේද දැන් අපේ රටට ද අත්‍යවශ්‍ය වී තිබෙනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හා පාලන මිල ගණන්වල පවතින අකාර්යක්ෂමතාව හේතුවෙන් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය ක්‍රියා කළා. ඉන්ධන මිල ඉහළ යන විට භාණ්ඩ මිල ඉහළ දමන අපේ රටේ බොහෝ ව්‍යාපාරිකයින් ඉන්ධන මිල පහළ යන විට භාණ්ඩ මිල පහළ දැමීමට සූදානම් නැහැ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට ද පියවර ගෙන තිබෙනවා.
එම් කේ ජයවර්ධන-සභාපති-සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය,
[ot-video type=”youtube” url=”https://youtu.be/obcWLorZxd0″]
එහෙත් මෙවැනි තීන්දු ගන්නා අයට ජනතාව දක්වන්නේ වෙනත් ප්‍රතිචාරයක්.
ජනතාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/OXbpHRnbJ9o”]
මෙරට ඛනිජ තෙල් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීම කාලීනව වැදගත්වනවා. දියුණු රටවල අනුගමනය කරන ක්රමවේදයත් එයයි.
මහාචාර්ය පූජ්‍ය විජිතපුරේ විමලරතන ස්වාමීන්වහන්සේ-ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය-කොළඹ විශ්වවිද්‍යාලය,
[ot-video type=”youtube” url=”https://youtu.be/NzW_Hzx7nT4″]