ප්‍රධානියා, මැරයා, බිරිද යන තේරුම් රැගත් GANGSTER චිත්‍රපට මාලාවේ තෙවැන්න ලෙස GANGSTER 3 සිනමාපටය ලොව පුරා ප්‍රදර්ශනයට සියලු කටයුතු සුදනම්. ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙම සිනමා පටය සඳහා සන්ජේ දත්, ජිම් ශර්හිල් ,මහි හිල්, ශෝබා අලි ඛාන් ඇතුළු රංගන ශිල්පින් රැසක් මේ සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා.
සන්ජේ දත්ගේ ජීවිත කතාව ඇතුළත් සංජු චිත්‍රපටය අතිසාර්ථක අන්දමින් තිරගත වීමෙන් පසු ඔහු දායක වන පළමු සිනමා නිර්මාණය මෙයයි. මෙම සිනමාපටයේ මැරවරයකුගේ චරිතයකට පණ පොවයි. ආදරය, ප්‍රේමය ,කුතුහලය එක්වූ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ GANGSTER 3 මේ මස 27 සිට ලොව පුරා ප්‍රදර්ශනයට නියමිතයි.
සංජය දත්ගේ වෙනස්ම ආකාරයේ රංගනයෙන් හැඩවුණු මෙම සිනමාපටය ලොව පුරා ඔහුගේ රසික රසිකාවියන්ට ලබා දෙන අපුරු තෑග්ගක් ලෙසයි සන්ජේ දත් GANGSTER 3 පිළිබදව එරට මාධ්‍යට පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/iBr_udVdFSk?t=7″]