Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙළ වෙදකම රැකගැනිමේ වැදගත්කම ජනපති පහදයි

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 12:52

හෙළ වෙදකම රැකගැනිමේ වැදගත්කම ජනපති පහදයි

දේශීයත්වයට අනන්‍ය වූ හෙළ වෙදකම රැකගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. ආයුර්වේද එක්ස්පෝ 2018 ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය නැරඹීමට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ පිළිබද අදහස් පළකළේ.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ආයුර්වේද එක්ස්පෝ ප්‍රදර්ශනයේ දෙවන දිනය අද(14)යි. වාර්ෂිකව සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය මෙවර සංවිධාන කෙරුණේ හත්වන වරටයි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (14)පෙරවරුවේ ප්‍රදර්ශනය නැරඹීමට එක්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

ප්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද හා සාමිප්‍රදායික ඖෂධ පිළිබඳ සැසි මාලාවක්ද පැවැත්වෙනවා. ආයුර්වේද  ශාකසාර නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, ආයුර්වේද සායන  ඇතුළු ප්‍රදර්ශන කුටි 160 ක් පමණ ඊට ඇතුළත්. ප්‍රදර්ශනය හෙටින්(15) අවසන් වීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 12:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්