Life+News The Official News Portal of Independent Television Network Ltd

විජයකලාගේ ප‍්‍රකාශය ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 16:05

විජයකලාගේ ප‍්‍රකාශය ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග

විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් යාපනයේදී කළ ප‍්‍රකාශය සිංහල සහ දෙමල භාෂාවෙන් ලිඛිතව සටහන් කර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට භාරදෙන්නැයි අධිකරණය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප‍්‍රකාශයේ ශ‍්‍රව්‍ය හා දෘෂ්‍ය හඬපට දෙකක් පොලිසිය මාධ්‍ය ආයතනවලින් ලබාගෙන තිබුණා. ඒවා අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කළා. එම හඬපට සිංහල සහ දෙමල භාෂාවලින් ලිඛිතව සටහන් කර ලබාදෙන ලෙසටයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 16:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්