Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති, එල්ලන්න යන මත්කුඩු ජාවාරම (Video)

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 19:17

ජනපති, එල්ලන්න යන මත්කුඩු ජාවාරම (Video)

මෙරට ක්‍රියාත්මක වන නීතිය අනුව ඇතැම් වැරදි වෙනුවෙන් මරණීය දණ්ඩනය පැනවීමද දඬුවමක් ලෙස නීතියෙන් වලංගුය. එය අධිකරණමය ක්‍රියාවලියක් හරහා ක්‍රියාත්මක වේ. එහෙත් මිනිසකු කවර වරදක් කළත් මරණීය දණ්ඩනය පැනවීම ශිෂ්ටසම්පන්න නොවන බවට ඇති කතිකාව නිසා මේ රටේ මරණීය දණ්ඩනය අධිකරණය මඟින් තීන්දු කළද එය ක්‍රියාවට නැගීම අත්හි‍ටුවා තිබිණි. එහි අවසන් තීන්දුව රාජ්‍ය පාලකයා විසින් ගත යුතුය. එනම් එය ක්‍රියාවට නඟන ලෙස දැන්විය යුත්තේ ජනාධිපතිවරයා විසිනි.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට අදහසක් ප්‍රකාශයට පත් කර තිබේ.  ඊට සහාය දක්වන මෙන්ම විරෝධය දක්වන ප්‍රතිචාරයන්ද ඉදිරිපත්ව තිබේ.

කෙසේ නමුත් මරණීය දන්ඩනය යළි ක්‍රියාත්මක කිරීම ගැන ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම විකෘති කිරීමද මේ වන විට සිදුවෙමින් තිබේ. ජනාධිපතිවරයා පැවසුවේ මරණීය දණ්ඩනය නියම වූ සියලු දෙනාට එම දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව නොවේ.

මෙරටදී බරපතල වරදක් වන මත් කුඩු ජාවාරමට හසු වී  අධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් ඒ නොතකා තව දුරටත් එම ජාවාරමෙහි යෙදෙන්නේ නම් ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කිරීම  කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය.

මත් කුඩු  අද සමාජ අර්බුදයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය වැළැක්විය යුතුමය. පසුගිය කාලයේ ප්‍රබල දේශපාලකයන් පවා මේ ජාවාරමට හවුල් වී ඇති බවට තොරතුරු හෙළිව තිබිණි.  අන්තර් ජාතික කුඩු ජාවරම්කාරයෝ මෙරට දේශපාලන ප්‍රබලයන් සමඟ මිත්‍රකම් පැවැත්වීය. මේ රට , කලාපයේ කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය.. බරපතලම කාරණය නම් ඇතැම් කුඩු ජාවාරම් කාරයන් නීතියේ රැහැනට හසු වීම වළක්වාලීම සඳහා රාජ්‍ය නායකයා පෞද්ගලිකව මැදිහත් වූ අවස්ථාද තිබීමය.

තමන්ගේ දුවා දරුවන්ගේ යහපත් අනාගතය අපේක්ෂාකරන මාපියන් මේ රට කුඩු ජාවාරම් කාරයන්ගේ පාරාදීසයක් වනවාට කැමති නැත.  සමාජයක් ලෙසද ඊට ඇත්තේ බරපතල විරෝධයකි. එය දැඩි මර්දන නීති යොදවා විනාශ කළ යුතු බව සාමුහික සමාජයීය ඉල්ලීමකි.

අධිකරණය යම් වරදක් සම්බන්ධයෙන් දඬුවමක් නියම කරන්නේ ඒ පුද්ගලයා ශෝධනය කිරීමටය. සිර දඩුවම් පමුණුවන්නේ යළි වරදක් සිදු නොවීමට වග බලා ගැනීමටත් ශෝධනය කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමටත්ය.මානුෂික හේතූන් මත මරණ දඬුවම නියම කළ අයෙකුට එම දඬුවම නොතකා ජීවිත දානය දී සිර මැදිරියක තබා ගන්නේ  ඔවුන්ගෙන් සමාජයට යළි වරදක් වීම වළක්වාලීමටය. එහෙත් ඒ අවස්ථාව නොසළකා තව දුරටත් එම වරදෙහි යෙදෙයි නම් නියමිත  දඬුවම ක්‍රියාත්මක කිරීම  ගැන  ජනාධිපතිවරයා පැවසූ කරුණෙහි වරදක් නැත.

දැනට මේ ඇති.. සෙස්ස පස්සට..

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 19:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්