Life+News The Official News Portal of Independent Television Network Ltd

අහසට යන්න කැමති අයට මෙන්න අවස්ථාව

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 13:54

අහසට යන්න කැමති අයට මෙන්න අවස්ථාව

මේ කියන්න හදන්නේ අපූරු පුවතක්.

අභ්‍යවකාශ තරණය ගැන සිදුකළ විවිධ පර්යේෂණ අවසානයේ අභ්‍යවකාශය නරඹන්න යන්න දැන් අවස්ථාව හිමිවෙලා තියෙනවා.

ඒ සඳහා ජෙෆ් බෙසොස් ගේ බ්ලූ ඔරිජින් සමාගම ඉදිරිපත්ව සිටිනවා. වරකට මගීන් 6ක් ගෙන යා හැකි බව පැවසෙන මෙම ව්‍යාපෘතිය  ලබන වසරේදී ඇරඹීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

පෘථිවියේ සිට කිලෝ මීටර 100 ඉක්මවූ දුරකට මේ තුළින් සංචාරකයන් රැගෙන යා හැකි බවයි එම සමාගම පවසන්නේ.

පුංචි කාලේ එළියට බැහැලා රාත්‍රි අහස නිරික්ෂණය කරපු මිනිසුන් ට අභ්‍යවකාශය බලන්න යන්න පුළුවන් වෙයි කියලා කවුද හිතුවේ??

හැබැයි මේ සඳහා අය කෙරෙන ප්‍රවේශ පත්‍රයේ මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් බවයි පැවසෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 13:54
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්