සුළඟ තවදුරටත් වැඩිවිය හැකියි
Related Articles
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැක.දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇති විය හැකියි.
දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතී.කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.මීගමුව සිට පුත්තලම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-65 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment