කයිරෝ ගුවන් තොටුපල ආසන්නයේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 12 දෙනෙක් තුවාල ලැබුවා. අසල තිබු ඉන්ධන ගබඩාවක් මෙලෙස පිපිරිමට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉන් ගුවන් ගමන් වලට කිසිදු බාධාවක් නැතැයි කයිරෝ බලධාරින් ප්‍රකාශ කළා. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නෙ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඊජිප්තු ගුවන් සේවා අමාත්‍ය යුනිස් අල් මස්රි සදහන් කළා.