නිකරගුවාවේ දේශපාලන ගැටුම් සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානවල අවධානය යොමුව තිබෙනවා. ගැටුම් මැඩපැවැත්විම සදහා වහා පියවර ගත යුතු බවයි එම සංවිධාන පෙන්වා දෙන්නෙ. දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 264ක්. 1800 කට වැඩි පිරිසක් ගැටුම් වලදි තුවාල ලබා තිබෙනවා.
රජයට එරෙහිව විරෝධතා අඛණ්ඩව සිදු කරන බවයි එරට විපක්ෂ කි‍්‍රයාකාරින් පවසන්නෙ. ඉදිරියේදි මහා පරිමාණ වැඩ වර්ජනයක් කැඳවීමට ද තීරණය කර ඇති බව ඔවුන් සදහන් කළා.