ශ්රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරන සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම තරගයේ දෙවන දිනයේ දිවා ආහාරයට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 86ක් ලබා සිටිනවා. ඒ ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 287 ට පිළිතුරු ලෙසයි. ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 ක් ඉනිමට එක් කළා. තරගයෙන් අනතුරුව සිය ඉනිම පිළිබද ඔහු මෙසේ අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/dPUBf8o9Pk0″]