ජපානයේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළට
Related Articles
ජපානයට ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ගංවතුර හා නායයාම් හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
දැනට ක්‍රියාත්මක වන සෝදිසි මෙහෙයුම්වලට පුද්ගලයින් හැත්තෑ දහසක පිරිසක් සම්බන්ධ වී සිටින බවයි වාර්තා වන්නේ. මෙම ගංවතුරෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වුණේ හිරෝෂිමා, ඔකයාමා හා ඒහීම් ප්‍රාන්තවලටයි. සිද්ධියෙන් හානි වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන හයසිය තිහක මුදලක් ජපාන රජය වෙන් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment