ගජමුතු 13 ක් සහිත අත් පළඳනාවක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට එය අළෙවි කිරිම සදහා සූදානම් කර තිබු බවයි පොලිසිය පවසන්නෙ. උපාය දූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට බේරුවල පොලිස් නිලධාරින් සමත්වුණා. සැකකරුවන් එම ප්රදේශයේම පදිංචි පුද්ගලයින්. ඔවුන් පෙරවරුවේ කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිප්ත කිරිමටයි නියමිත.