Life+News The Official News Portal of Independent Television Network Ltd

සහායක් නොලැබුණු දිමුත්ගේ හුදකලා සටන

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 18:06

සහායක් නොලැබුණු දිමුත්ගේ හුදකලා සටන

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 287 කට සීමා වුණා. සිය පළමු ඉණිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම දිනය අවසන් වනවිට  කඩුලු 01ක් දැවි ලකුණු 4ක් ලබාගත්තා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ සුරංග ලක්මාල්. නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග දෙකක තහනමක් පැනවූවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රීඩා ජීවගුණයට හානි වූ බවට තීරණය වීමත් සමඟයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 ක් ලබාගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙකුට සහායක් ලබාදීමට හැකිවූයේ නැහැ. ශ්‍රී ලංකා පළමු ඉණිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ලක්ෂාන් සඳකැන් ලකුණු 25 ක් ඉණිමට එක් කළා. ඉණිමේ වැඩිම ලකුණු සබඳතාව ලෙස අවසන් කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවක් වාර්තාවීම කැපී පෙනෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 18:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්