Life+News The Official News Portal of Independent Television Network Ltd

වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 19:01

වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ ඇරඹෙයි

රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙළක් යථාර්ථයක් බවට පත් කරමින් වැව් දහසක්, ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ අද (12) ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනේ සමාරම්භය සිදුකෙරුණේ නිකවැරටිය මහගිරිල්ල ගල්කඩවල වැව් තාවුල්ලේදී.

කෘෂිකර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් වැව් දහසක්, ගම් දහසක් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. අපි වවලයි අපි කන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක තුන්වන වැඩසටහන මෙයයි. මෙම වසර තුළ වැව් දහසක් සහ ඒ ආශ්‍රිත ගම්මාන දහසක් ප්‍රතිසංවර්ධනය කිරීම වැඩපිළිවෙළේ අරමුණයි. අතහැර දමා ඇති වැව් අමුණු සියල්ල ඉදිරි වසර තුන තුළ ප්‍රතිසංවර්ධනය කිරීමද මේ යටතේ සිදු කෙරෙනවා. ඒ සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන නවදහසක්. වැව් 370 ක් පළමු අදියරේදී සංවර්ධනය කිරීම සැලසුමයි.

අමාත්‍ය මහින්ද අමරවීර,

අමාත්‍ය එස් බී නාවින්න,නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතියේ සමාරම්භයට එක්ව සිටියා. මේ අතර අපි වවලයි අපි කන්නේ වැඩපිළිවෙළ යටතේ කොස් පැල දසලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන ද අද (12) ආරම්භ කෙරුණා.

වැව් දහසක් ගම් දහසක් කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උත්සවය පාදුක්ක ප්‍රදේශයේ දී අද (12) පැවැත්වුණේ නුගේ අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින්. මේ සදහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ පනහක්. මෙම ප්‍රතිසංස්කරණ තුළින් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් යළි වගාකළ හැකියි.

ගාල්ල, වැරැල්ලාන වැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ ද වැව් දහසක් ගම් දහසක් ප්‍රතිසංවර්ධන වැඩපිළිවෙළට සමගාමීවයි. මෙම ව්‍යාපෘතිය අවසන්වීමත් සමග වසර 30 ක පමණ කාලයක් පුරා පුරන්ව පැවති කුඹුරු අක්කර පනහකට ආසන්න ප්‍රමාණයක් යල මහ දෙකන්නයෙහිම වගාකිරීමට හැකිවනවා.

දොම්පේ, මොරහේන,කිවුල්විල වැව ප්‍රතිසංස්කරණය කිරීමද ආරම්භ කෙරුණා. රුපියල් ලක්ෂ 50 ක් මේ සදහා වැයකෙරෙන අතර මොරහේන, පහළ මාපිටිගම, මල්වාන ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ තුළින් පහසුකම් සැලසෙනවා.

ජනතාව,

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 19:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්