ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 199 දෙනෙක් මිය ගියා. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි ජපාන බලධාරින් පවසන්නේ. බලපෑම් එල්ල වූ ප්‍රදේශවලින් දස දහසකට අධික පිරිසක් ඉවත් කර තිබෙනවා. තාවකාලික මධ්‍යස්ථානවල පදිංචි කළ ජනතාවට හදිසි ආධාර ලබාදෙන බවයි ජපන් රජය සඳහන් කළේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද ඒ සම්බන්ධයෙන් පැවැත්වුණා.