සුප්‍රසිද්ධ හැරි පොටර් කතා රචිකාවිය වන ජේ.කේ.රෝලින්ග් පිළිබඳව අලුත්ම ආරංචියක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඒ තමයි රෝලින්ග් ආරූඪ නාමයක් භාවිත කරමින් රචනා කර තිබුණු “ කොමෝ රන් සට්‍රයික්“ නවකතා මාලාවේ සිව්වන කතාව වන “ලීතල් වයිට්“ නවකතාව එළි දැක්වීමයි.
ලබන සැප්තැම්බර් මාසයේ රෝලින්ග් ගේ මේ නවකතාව එළි දැක්වීමට සූදානම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
බිලී කියන කරදරකාරී තරුණයා දුටු අපරාධයක් විසඳන ආකාරය මේ කතාවට මාතෘකාව වී තිබෙනවා.
මේ කෘතීන් 4ම රචනා කරන්න ජේ.කේ.රෝලින්ග් භාවිත කරලා තිබුණේ රොබට් ගැල්බ්‍රේත් කියන ආරූඪ නාමයයි.