Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජපක්ෂලාගේ විනෝද සමය දැන් ඇරඹේ (Video)

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 20:37

රාජපක්ෂලාගේ විනෝද සමය දැන් ඇරඹේ (Video)

දැන් රාජපක්ෂලාගේ විනෝද සමය ආරම්භ වී තිබේ. ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ලාගේ විනෝද සමය මෙන් නොව දැන් රාජපක්ෂලා සහ බැටෑලියන් එක පෙන්වමින් තිබෙන විහිලු වලට හිනාවෙන ගමන් අඬන්නද සිදුව තිබේ.

ගොඨාභය රාජපක්ෂ අපුරු විහිළු කතාවක් ඊයේ පන්සලකදී පවසා තිබේ. මහින්ද රාජපක්ෂගේ පන්සල් බොරු වලට වඩා ගොඨාගේ පන්සල් විහිළු අපූරුය. ගොඨාභය කියන්නේ රජය ම‍ඟින් අලුතෙන් පිහිට වන මහාධිකරණයේදී තමන්ට එරෙහිව වන නඩු මුලින්ම අසා නිමකරන ලෙසය.  මේ අලුත් මහාධිකරණය අලුතෙන් පිහි‍ටුවන්නේ පසුගිය රාජපක්ෂ කාලේ සිදුකර තිබෙන කප්පරක් හොරකම් වංචා දුෂණ අක්‍රමිකතා අපරාධ ගැන නඩු කඩනමින් විභාග කර අවසන් කරන්නටය.

ගොඨාභයට එරෙහිව වන නඩු ද ඒ අනුව එහිදි ඇසෙනු ඇත.

නමුත්  කාටත් පළමුව මැරෙනා සැටි මම පෙන්වමි යනුවෙන් කාහල නාදය නගන වීරයා නඩුවලට බයෙ පැන දුවන බයගුල්ලෙකු බව  පහුගිය දිනවලදී රඟ දැක්වූයේය. තමන්ට එරෙහිව  බරපතල මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ශන වලට අදාලව ගොඨාභයව අත් අඩංගුවට ගැනීම නීතිමය අවශ්‍යතාවයකි. එහෙත් තමන්ව අත් අඩංගුවට නොගන්නා ලෙස නහයෙන් හඬමින් අධිකරණය හමුවෙ හඬා වැලපෙන මේ වීරයා කාඩ්බෝර්ඩ් වීරයෙක් මිස වෙනකෙකු නොවන බව ඔහු විසින්ම සහතිකයක් දී තිබේ.

ගොඨාභයට එරෙහිව මේ වන විට චෝදනා එල්ල වී ඇති සිදුවීම ගණනාවකි. ඒ අතරින්  මහජන මුදල් අවභාවිතකර ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ සොහොන ගොඩ නැගීම, මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාර්ඩ් සිද්ධිය, ඇපලෝ රොහලේ අක්‍රමිකතාව ප්‍රමුඛය. මීට අමතර මිනිස් ඝාතන ගණනාවක් සම්බන්ධයෙන්  චෝදනා වලට ගොඨාභයගේ නම ද ඈදී තිබේ.

ගොඨාභයගේ විහිලු ඔහුගෙ බැටෑලියන් එකට ආශ්වාද ජනක වී  තිබේ. ඒ තවත් බරපතල වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති පිරිසක් සමඟ ‘යුක්තියේ හඬ’ නමින් ගෝඨා පුම්බන සංවිධානයක් අටවා ගැනීමය. රාජපක්ෂ නඩයට එරෙහිව ඇති චෝදනා විමර්ෂණයට විරෝධය දක්වමින් එය යුක්ති සහගත නොවන බව දක්වමින් මේ පිරිස කෑකෝ ගසන්නට පටන් ගෙන තිබේ. අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහෙවා, රෝහාන් වැලිවිට, ලලිත් පියුම් පෙරෙරා වැනි රාජපක්ෂ යුගයේ දුෂණ සහයකයන් යුක්තිය ඉල්ලීම පට්ටම පට්ට විහිලුවකි.  ඔවුන්ට එරෙහිවද අද චෝදනා ගොනුව තිබේ.  මේ කිසිවකුත් කිසිදු චෝදනාවකින් නිදොස් කොට නිදහස් කර නැත.

මේ විහිලු විකාර  වලින් සපිරි හිට්ලර් නාඩගම අද රාජපක්ෂලාගේ දේශපාලනය බවට පත්ව තිබේ.  හිනා වෙන ගමන් අඬන්න වෙන්නේ මේ නිසාය. කොහොම වුනත්  නුදුරෙදී රාජපක්ෂලා රටම හිනස්වනු ඇති බව දැන් සක්සුදක් සේ පැහැදිලිය..

දැනට මේ ඇති  සෙස්ස පස්සට.

– තත්පර 180

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 20:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්