වසර 3කට පසු මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය ඊයේ (10) පියවර ගත්තා. 2016 වසරේ සිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 41කින් ඉහළ ගිය ද රජය එහි බර දරා ගනිමින් තවදුරටත් සහන මිලටම ඉන්ධන අලෙවි කරනවා. පසුගිය රජය සමයේ අධික මිල ගණන්වලට ඉන්ධන අලෙවි කළ ද වත්මන් රජය බලයට පත්වීමත් සමග ජනතාවට සහන සලසමින් වහාම ඉන්ධන මිල අඩු කළා. 2015 වසරේ ජනවාරි 22 වනදා සිට මෙම සහනය ක්‍රියාත්මකයි.
2013 වසරේ දී පෙට්‍රල් ලීටරයක් අලෙවි කෙරුණේ රුපියල් 162කටයි. එහෙත් 2015 වසරේ වත්මන් රජය බලයට පත්වීමත් සමග පෙට්‍රල් ලීටරයක් රුපියල් 117 දක්වා අඩු කළේ එක් ලීටරයකින් රුපියල් 45ක සහනයක් ජනතාවට ලබා දෙමින්. එමෙන්ම 2013 වසරේ රුපියල් 111කට අලෙවි කළ ඩීසල් ලීටරයක් රුපියල් 16 ක් අඩු කරමින් රුපියල් 95ක මිලකට අලෙවි කිරීමට වත්මන් රජය පියවර ගත්තා. රජය මෙවැනි සහන ලබා දුන්නේ ඉන්ධන නිෂ්පාදන පිරිවැය ඉහළ යමින් පැවති යුගයකයි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 132යි සත 37ක් වුවද රජය රුපියල් 15ක දළ පාඩුවක් ලබමින් මෙතෙක් ජනතාවට පෙට්‍රල් ලබා දුන්නා. එමෙන්ම ඩීසල් ලීටරයක් සඳහා නිෂ්පාදන පිරිවැය රුපියල් 135ක් වුවද එක් ලීටරයකින් රුපියල් 40ක දළ පාඩුවක් ලබමින් රජය ඩීසල් අලෙවි කළේ ජනතාවට සහනයක් ලබා දීම සඳහායි.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/q4efUA1RY0w”]
රජය මෙසේ පාඩු ලබමින් ජනතාවට ඉන්ධන අලෙවි කරන්නේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ඉහළ යමින් පවතින අවධියකයි. 2015 වසරේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 49යි ශත 49 ක් වුණා. මෙම වසරේ මාර්තු මාසය වන විට එය 63යි ශත 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වත්මන් රජය සහනදායී ලෙස ඉන්ධන අලෙවි කළද ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හා පසුගිය රජය ලබා ගත් දැවැන්ත ණය මුදල් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඉන්ධන මිල ගණන්වල සුළු සංශෝධනයක් ඊයේ (10) සිදු වුණා. එහෙත් එම සංශෝධන ද සිදු කළේ නිෂ්චිත ක්‍රමවේදයකට අනුවයි. එනම් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ පහළ යාම්වල දී වාසි ජනතාවට සැලසෙන අයුරින් සකස් කළ මිල සූත්‍රය අනුගමනය කිරීමෙනුයි. ආර්ථික විද්‍යා දැනුම ඇති බොහෝ දෙනා මිල සූත්‍රය අනුගමනය කිරීමේ ක්‍රමවේදය අගය කරනවා.
මහාචාර්ය ඩබ්ලිව්. විමලරතන ස්වාමීන්වහන්සේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/77N81Td-ZWo”]