Life+News The Official News Portal of Independent Television Network Ltd

කැබිනට් තීරණ

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 18:49

කැබිනට් තීරණ

අලුතින් ස්ථාපනය කළ පළාත් පාලන ආයතන සඳහා අත්‍යවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 540 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. තවත් යෝජනා කිහිපයකට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

අලුතින් පිහිටවූ පළාත් පාලන ආයතන දහය සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය පහසුකම් සැලසෙනවා. ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණයි. ඒ අනුව පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් භාණ්ඩාගාරයෙන් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදෙනා රැඳවීම සඳහා අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කෙරෙනවා. ඒ සඳහා කලවාන,දොලේකන්ද, පාරුගල ප්‍රදේශයේ හෙක්ටාර් 36ක භූමියක් පවරා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

වැලිඔය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් දහසක් යළි පදිංචි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඒ යටතේ පවුල් 256 ක් යළි එම ගම්බිම්වල පදිංචි කිරීම සිදුකෙරෙනවා. ඔවුන් මෙතෙක් රැඳී සිටියේ අඩු පහසුකම් සහිත තාවකාලික නිවාසවලයි.

ස්වභාවික වායු විදුලි බලාගාරය, කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙනවා. ඒ සදහා රජය සතු අක්කර 110 ක භූමියක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව යොදාගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සදහා වන සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා තායිලන්තයේ තාක්ෂණික උපදේශකත්වය ලබාගන්නවා. ඒ සඳහා තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තායිලන්ත ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකාවේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබෙනවා.

ඉඩම් කැබලි එකොළොස් ලක්ෂයක් සඳහා ඉඩම් දීමනා පත්‍ර ලබා දීම සඳහා කඩිනම් වැඩසටහනක් 2019,2020 කාලසීමාව තුළ ක්‍රියාත්මක කෙරෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 18:49
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්