Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික සුළඟෙන් පීඩාවට පත්වූවන්ට රජයෙන් වන්දි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 18:37

අධික සුළඟෙන් පීඩාවට පත්වූවන්ට රජයෙන් වන්දි

ප්‍රදේශ කිහිපයකට බලපෑ දැඩි සුළග හේතුවෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ලබා දෙන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. මේ අතර  ඉදිරියේදීත් සුළගේ වේගය වැඩි විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ අංශ ජනතාවට අවධාරණය කරනවා.

අද (11) අලුයම හමා ගිය දැඩි සුළගින් හෝමාගම,මීගොඩ,කජුගහදෙණිය ආදී ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රදේශයේ නිවාස පනහකට පමණ අලාභහානි සිදුවුණා. ගස් කඩා වැටීමෙන් විදුලි සහ දුරකතන රැහැන්වලටද හානි සිදුව තිබෙනවා.

ධාරාණිපාත වර්ෂාවත් සමග අද(11)අලුයම ඇති වූ තද සුළගින් ගල්කිස්ස කව්ඩාන ප්‍රදේශයේ විශාල ගසක් කඩා වැටී  නිවසකට දැඩි අලාභහානි සිදුවුණා. තවත් නිවාස කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

බද්දේගම ප්‍රදේශයට ඊයේ (10) දහවල් බලපෑ දැඩි සුළඟ හේතුවෙන් බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි හතරකට අලාභ හානි සිදුව තිබෙනවා. පාසල් දරුදැරියන් සහ ගුරුවරුන් ඉන් වහා ඉවත් කිරීමට කටයුතු කෙරුණා. මේ හේතුවෙන් කිසිවෙකුට හෝ හානියක් සිදුව නැහැ.

නායයාමේ අවදානම හේතුවෙන් හැටන්, ඩයගම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට පොලීසිය පියවර ගත්තා.  මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින ධාරාණිපාත වර්ෂාවත් සමඟ එල්සි ප්‍රදේශයේ නායයාමේ අවදානමක් මතුව තිබෙනවා. හැටන් සිට ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයේ කොටසක් ගිලාබැසීමට ද ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 18:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්