Life+News The Official News Portal of Independent Television Network Ltd

වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 17:48

වැව් දහසක් – ගම් දහසක් වැඩපිළිවෙළ හෙට ඇරඹෙයි

කෘෂි කර්මාන්තයේ අංශ රැසක ප්‍රවර්ධනය වෙනුවෙන් වැව් දහසක් – ගම් දහසක් ප්‍රතිසංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ හෙට(12) ආරම්භ කෙරෙනවා. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අපි වවලයි – අපි කන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 18 න් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසයි.

රජයේ තවත් සංවර්ධන වැඩපිළිවෙළක් යථාර්ථයක් බවට පත්කරමින් වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙළ නිකවැරටිය, මහගිරිඋල්ල,ගල්කඩවල වැව්තාවුල්ලෙන් ආරම්භ කෙරෙනවා. මෙම වසර තුළ වැව් දහසක් සහ ඒ ආශ්‍රිතව ඇති ගම්මාන දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙලේ අරමුණයි.

දැනට ඇති සංඛ්‍යාලේඛන වලට අනුව රට තුළ ඇති සුලු වාරිමාර්ග යෝජනා ක්‍රම සංඛ්‍යාව 37928 ක්. ඉන් 12500 ක් ප්‍රතිසංස්කරණය සදහා යෝජනා ඉදිරිපත්කර තිබෙනවා. මේ වනවිට අතහැර දමා ඇති වැව් සංඛ්‍යාව 2055 ක් ලෙස ගණනය කර ඇති අතර අමුණු 1578 ක් ද අතහැර දමා ඇති බව වාර්තා වනවා. මෙම අතහැර දමා ඇති වැව් අමුණු සියල්ල ඉදිරි වසර තුන තුළ ප්‍රතිසංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන නවදහසක්. පළමු අදියරේදී වැව් 370 ක් සංවර්ධනය කිරීම සැලසුමයි. දැනට විධිමත් ජල පහසුකම් නොමැතිවීම මෙන්ම ජනතාවගේ උනන්දුව අඩුවීම මත පුරන්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 130,864 ක්. රතු නිවේදන නිකුත් කිරීම හේතුවෙන් කුඹුරු අක්කර 15058 ක් වගා කිරීමට පියවර ගෙන තිබෙනවා.

වැව් දහසක් – ගම් දහසක් දැවැන්ත ව්‍යාපෘතිය ඔස්සේ එම සියලු පුරන් කුඹුරු අස්වැද්දීමට හැකිවීම තුළින් කෘෂි ආර්ථිකයේ නව ප්‍රබෝදයක් සිදුවනු ඇති.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 17:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්