දිළිඳුකම පිටුදැකීමේ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහනේ සමාරම්භය ද ඊට සමගාමීව සිදුකෙරෙනවා.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සැළසුම් පිළිබඳව මෙහිදී අවදානය යොමු කෙරෙනවා. ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්රාමශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. මහනුවර , නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ග්රාමශක්ති සමිති සදහා ලබාදෙන පළමු වාරිකය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමෙනවා. මේ අතර මතින් නිදහස් රටක් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.