නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර හේමන්ත වර්ණකුලසුරිය මහතා ඊයේ (10) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට හැත්තෑ හතර වන වියේ පසු වූ ඒ මහතා පසුගිය සමයේ ආන්දෝලනාත්මක නඩු කිහිපයක් සම්බන්ධයෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වනවා. ප්රජාතන්ත්රවාදී අයිතීන්, ජනතා පරමාධීපත්‍ය, යුක්තිය ඉටුවීම ආදි කරුණු පිළිබදව ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට ඒ මහතා නිරන්තරයෙන් කටයුතු කළ විද්වතෙක්. අභාවප්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩිය ද වනවා.