Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළඟ අදත් වැඩිවිය හැකියි – කාලගුණයෙන් අනාවැකි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 12:18

සුළඟ අදත් වැඩිවිය හැකියි – කාලගුණයෙන් අනාවැකි

දැඩි සුළග හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා.  ඉදිරියේදීත් සුළගේ වේගය වැඩි විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ අංශ ජනතාවට අවධාරණය කරනවා.

අද අලුයම හමා ගිය දැඩි සුළගින් හෝමාගම, මීගොඩ, කජුගහදෙණිය ආදී ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රදේශයේ නිවාස පනහකට පමණ අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. දැඩි සුළගත් සමග ගස් කඩා වැටීමෙන් විදුලි සහ දුරකතන රැහැන් ද කඩා වැටී තිබෙනවා.

ධාරාණිපාත වර්ෂාවත් සමග අද අලුයම ඇති වූ තද සුළගින් ගල්කිස්ස කව්ඩාන ප්‍රදේශයේ විශාල ගසක් කඩා වැටී තිබෙනවා. ඉන් නිවසකට දැඩි අලාභහානි සිදු වී ඇති අතර අසල තිබූ තවත් නිවාස කිහිපයකට ද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.

ප්‍රදීප් කොඩිප්පිලි -නියෝජ්‍ය අධ්‍යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,

මේ අතර බද්දේගම ප්‍රදේශයට ඊයේ දහවල් බලපෑ දැඩි සුළඟ හේතුවෙන් බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි හතරකට අලාභ හානි සිදුව තිබෙනවා. පාසල් දරුදැරියන් සහ ගුරුවරුන් ඉන් වහා ඉවත් කිරීමට කටයුතු කෙරුණා. මේ හේතුවෙන් කිසිවෙකුට හෝ හානියක් සිදුව නැහැ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 12:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්