Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : වසර 12 කට පසු ප්‍රංශය අවසන් තරගයට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 10:55

2018 FIFA : වසර 12 කට පසු ප්‍රංශය අවසන් තරගයට

වසර 12 කට පසු පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශය සමත් වුණා. රුසියාවේ පැවැත්වෙන 21 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් බෙල්ජියම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශය සමත්වුණා. 1998 හා 2006 වසරවලදී ද ප්‍රංශය මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා. මෙම තරගයේ 51 වන විනාඩියේදී කෝනර් පහරක් සාර්ථක කර ගනිමින් ගෝල 01 ට 00 ක් ලෙස ජය ලබා ගනිමිනුයි ඔවුන් අවසන් තරගයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ.

මේ අතර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර් ව තරගය එංගලන්තය හා ක්‍රොඒෂියාව අතර අද (11) පැවැත්වීමට නියමිතයි. පාපන්දු තරගයන් වලදී මීට පෙර අවස්ථා හතකදී මෙම කණ්ඩායම් දෙක හමුවී තිබෙනවා. ඉන් තරග 04 ක ජය එංගලතය සතුවූ අතර තරග දෙකක ජය හිමිව ඇත්තේ ක්‍රොඒෂියාවටයි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 10:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්