නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙක් මිය ගියා. වයඹ දිග නයිජීරියාවේ ඇළ මාර්ගයක යාත්රා කරමින් තිබියදී අනතුර සිදුවුණා. ඒ වනවිට එහි වෙළදුන් 30 දෙනෙකු සහ ඔවුන්ගේ භාණ්ඩ තිබූ බවයි ගළවා ගැනිමේ කණ්ඩායම් සඳහන් කළේ. අට දෙනෙකු බේරා ගැනිමට හැකි වුණා. අධික බර හේතුවෙන් බෝට්ටුව පෙරළී ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.