ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් හත්දෙනා මාලදිවයින් ආසන්න මුහුදු සීමාවේදී සොයාගෙන තිබෙනවා. ඔවුන් මෙරටට රැගෙන ඒම සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ධීවර සංස්ථාව පවසනවා. ඒ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ධීවර අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා.
ගාල්ල ධිවර වරායෙන් සින්දූර් දෙක යාත්‍රාව ධීවර කටයුතු සදහා පිටත්ව ගියේ පසුගිය 14 වනදායි. දින කිහිපයකට පමණ පසු එම යාත්‍රාව සහ ගොඩබිම අතර සබදතා බිදවැටී තිබෙනවා. එම යාත්‍රාව සමග ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ධීවර යාත්‍රා යළි ගොඩබිමට පැමිණිය ද සින්දූර් දෙක යාත්‍රාව පිළිබද තොරතුරු සොයා ගැනීම අපහසු වුණා. ඒ සමග එම යාත්‍රාවේ සිටි ධීවරයින් සොයා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. ඒ අනුව මාලදිවයින් ආසන්න මුහුදු සීමාවේ දී එම ධීවරයින් සොයා ගැනීමට අද හැකිවුණා.
ධීවර සංස්ථාවේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රසන්න ජනක කුමාර ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=LNEbnVGkKKk&feature=youtu.be”]
සිය පවුල්වල සාමාජිකයින් සොයා ගැනීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීම පිළිබද ඔවුන් සිය ස්තූතිය පළකළේ මේ ආකාරයෙන්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=N-6eJwg0naM&feature=youtu.be”]