Life+News The Official News Portal of Independent Television Network Ltd

හිට්ලරාගමනයෙන් පුපුරා යන පොහොට්ටු කල්ලිය (Video)

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 18:31

හිට්ලරාගමනයෙන් පුපුරා යන පොහොට්ටු කල්ලිය (Video)

හිට්ලර්ලාගේ ආගමනය නිසා ඒකාබද්ධ විපක්ෂය දෙදරන්න පටන් ගෙන තිබෙන බව ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා  මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.

කොළඹ බො‍රැල්ලේ කිංසි පාරේ රුපියල් මිලියන 27 ක් වටිනා නිවසක් මිලට ගැනීමට තරම් ආදායමක් උපයා ගත්තේ කෙසේදැයි ඇත්ත කතාව කියා ගැනීමට නොහැකි වීම නිසා  ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් නඩු විභාගය ඊයේ පැවැතියේය. මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ පාරම් බෑ මහින්දානන්ද මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනයට බියවී ආණ්ඩුව ඔහුව හිට්ලර්ට සමාන කොට දක්වන බව කීවේය. එතැනින් නොනැවතී ආන්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකුද ගෝඨාභයව හිට්ලර්ට සමාන කොට දක්වන බව පවසා සිටියේය.

මේ කියන්නේ වාසුදේව නානායක්කාර හා කුමාර වෙල්ගම යන එකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් ගැනය. මහින්දානන්දට අනුව මේ දෙදෙනා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉ‍ටු කරන්නන්ය.

මහින්ද රාජපක්ෂට පසුගියදා ගෝඨාභයගේ වියත් මඟ සංවිධානය පුස්සක් බවත් ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ මහින්ද චින්තනය බවත් ප්‍රසිද්ධියේ පවසන්නට සිදු වූයේත් මේ කණ්ඩායමේ බල අරගලය නිසාය.

මහින්ද එසේ කියා දවසක් දෙකක් ගෙවෙන්නට පෙර ගෝඨාභය කිව්වේ පොහොට්‍ටුව දිනුවත් ක්‍රියාත්මක කරන්නේ වියත් ම‍ගේ වැඩ පිළිවෙල බවය.

ගෝඨාභයගේ වැඩපිළිවෙල හිට්ලර් පන්නයේ මිලිටරි වැඩපිළිවෙලක් බව ගෝඨාභයගේ ගෝල බාලයෝ ද සහතික කොට කියමින් තිබේ.

ඒකාබද්ධයේ ප්‍රජාතන්ත්‍රවාදය කැමැති පිරිස් ගෝඨාභයව ප්‍රතික්ෂේප කරමින් තිබෙන බව දැන් පැහැදිලිය. ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී ධුරයක් නොදැරුවෙක් රටේ නායකත්වයට නොසුදුසු බව කුමාර වෙල්ගම පාර්ලිමේන්තුව තුළදී කියා සිටියේය.

එසේ කිවේ ගහපන් කපපන් කොටපන් මරපන් කියන්න පුරුදු වූවන් දේශපාලනයට පැමිණි විට සිදුවන ඛේදවාචකය ගැන දැනුවත්වය. පසුගිය රාජපක්ෂ පවුල් පාලන සමයේදී ගෝඨාභයලා  කරපු මජර වැඩ ගැන වෙල්ගමලා, වාසුදේවලා ඉතා හොඳින් දන්නා අයය.

මහින්දානන්දලාට වෙලා තිබෙන්නේ තමන්ට එරෙහිව තිබෙන නඩු හබ වලින් ගැලවීමට කෙසේ හෝ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමේ උවමනාවකි. ‘ මරලා හරි බලය ගත යුතුයි ‘ යන තියරිය  රාජපක්ෂවාදීන්ගේ කැමැත්ත බව ප්‍රකටය.  මහින්දානන්දලාගේ කැමැත්ත ද එයයි.

එහෙත් රටට අවශ්‍ය වන්නේ  ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලකි.  2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ බහුතර ජනතාව ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

දැනට මේ ඇති සෙස්ස පස්සට….

– තත්පර 180 –

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 18:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්