Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය විනාශ මුඛයට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 15:41

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය විනාශ මුඛයට

නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය දැඩි ලෙස විනාශයට පත් වෙමින් තිබෙන බව අපට වාර්තා වනවා.  උයන්වත්ත ක්‍රීඩාංගනයේ සේවකයන් පවසන්නේ එහි  නඩත්තු උපකරණ වසර 25 ක් පමණ පැරණි  බැවින් ඒවා නිසිලෙස පරිහරණය කළ නොහැකි බවයි.

ක්‍රීඩාගාරයේ  වහල තැනින් තැන කඩා වැටීම  හේතුවෙන්  වර්ෂාව පවතින දිනවලදී  එහි තරඟ නැරඹීමද සිදු කළ නොහැකි බවයි වාර්තා වන්නේ. වැසිකිලිවලින් පිටාරගලන ජලය ක්‍රීඩාංගනයට ගලා ඒමෙන් ජනතාව මහත් අපහසුතාවට පත්වනවා.   ක්‍රීඩාංගනය වටා ඉදිකර තිබෙන තාප්පය ද කඩා වැටීමේ අවදානමක  පවතිනවා. උයන්වත්ත ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව උදලුමිටකින් රදවා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 15:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්