Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 12:09

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බෙල්ජියම හා ප්‍රංශය අතර තරගය අද (10) පැවැත්වෙනවා. මෙම තරගය වඩාත් උණුසුම් වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. දෙරට අතර මේ වන විට තරග 73 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 30 ක් බෙල්ජියම ජයගෙන ඇති අතර තරග 24 ක් ජයගෙන ඇත්තේ ප්‍රංශයයි. තරග 19 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. පාපන්දු ලෝක කුසලානයක අවස්ථා තුනකදී අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමට  ප්‍රංශයට සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත් අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථා දෙකකදී ඔවුන්ට හැකි වුණා. මීට පෙර බෙල්ජියම එක් වතාවක් පමණයි අවසන් පූර්ව තරගයක් සදහා සුදුසුකම් ලැබුවේ. ඒ 1986 වසරේදී. මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලබා ගත් කණ්ඩායම බවට බෙල්ජියම පත්ව සිටිනවා. ඒ ගෝල 14 ක් සමගයි.

මේ අතර වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතර දෙවන තැන දිනා සිටින රොමේලු ලුකාකු බෙල්ජියමට මෙම තරගයේ වැඩි වාසියක් ලබා දෙනු ඇතැයි මත පලවනවා. මෙවර තරගාවලියේදී ගෝල 09 ක් ලබා ගත් ප්‍රංශය පසුවන්නේ එහි පස්වන ස්ථානයේයි. ඔවුන්ගේ ප්‍රධානම බලාපොරොත්තුව වී සිටින කේලියන් මම්අප්පේ මෙවර තරගාවලියේ ගෝල 03 ක් ලබා ගනිමින් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ රැදී සිටින්නේ 10 වන ස්ථානයේයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 12:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්