අභාවප්‍රාප්ත ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අභාවප්‍රාප්ත ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර අරුග්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැම්පත් කර තිබෙනවා.
කදුල නිවන්නම් ගීතය තුළින් වඩාත් ජනප්‍රියත්වයට පත් ප්‍රියාණි ජයසිංහ මහත්මිය අත්තන මල් සුවදට, මේ ප්‍රේමයේ හොරා නුඹයි, අලුත් සද ඇවිත් අහසට, ආදී ගීත රැසක් ගායනා කළා. ඒ මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පානදුර මිනුවම්පිටිය සුසාන භූමියේදී අනිද්දා පස්වරුවේ සිදු කිරීමට නියමතයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා අද (10) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.